රසිකයන් උමතු කල Pokémon Goගෙන් අලුත් වැඩක්
ඔයත් ගේම් ගහන්න කැමති කෙනෙක් නම් Pokémon Go කියන්නේ අහල නැති නමක් වෙන්න නම් විදියක් නැහැ. ලෝකය පුරා මිලියන ගණනක් තදින් ඇබ්බැහි වෙන තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වුනා. ඒ ජනප්රියතවයට ප්‍රධානම හේතුවක් වුනේ ගේම් එකට ඇතුල් වුනාට පස්සේ තමන් අවට තියන දේවල් අතරටම ක්‍රීඩාවේ තියන උපාංග සහ අංග එකතු විම.
සරලව කිව්වොත් Pokémon Go කියන්නේ real world game එකක්.ඉතින් මේ Pokémon Go හදපු කණ්ඩායම ඒ වගේම තවත් අලුත් mobile game එකක් හඳුන්වල දීලා තියනවා. Harry Potter: Wizards Unite කියන ජංගම දුරකථන මුලික කර ගත්ත මේ ගේම් එක Harry Potter කතා මාලාව සහ Fantastic Beasts and Where To Find Them (නිල නොවන fans made චිත්‍රපටයක්) පදනම් කරගෙන නිර්මාණය වෙලා තියනවා. සැඟවී තිබෙන වස්තුන් සොයා ගන්න සහ විවිධ සත්වයන් සොයා ගන්නත් අනෙක් ක්‍රීඩකයන් සමග එකතු වෙලා සතුරන්ට එරෙහිව සටන් කරන්නත් මේ ගේම් එක ඇතුලෙදි ඔයාට අවස්තාව හිමි වෙනවා.මෙම ජංගම දුරකථන ක්‍රීඩාව ඊයේ දිනයේ සිට නොමිලේ බාගත කිරීම සඳහා අවස්තාව ලබා දී තිබෙනවා.