රශ්මිකාට ප්‍රශ්න ගොඩක්..
‘මිශන් මංජූ’ බොලිවුඩ් චිත්‍රපටය හරහා නුදුරේම දැකගන්නට පුළුවන් දකුණු ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දෝනා වසර කිහිපයකට පෙර ඇය පෙනී සිටින විඩියෝවක් නිසා ප්‍රශ්න ගොඩක පැටලී සිටින බව වාර්තා වෙයි. ඇය පෙනී සිටින මෙම විඩියෝව නිකුත් කර ඇත්තේ රශ්මිකාගේ හිටපු පෙම්වතා වූ රක්ෂිත් ෂෙට්ටි විසින් බව වාර්තා වෙයි.
ඒ අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණ ඇයගේ උපන්දිනය වෙනුවෙනි. මෙම විඩියෝවේ ඇය සාමාන්‍ය විදිහට සැරසි සිටින අතර, රක්ෂිත් හා ඇය සිය ආදරය ගැන කතා බහා කරන අයුරු මෙම විඩියෝව තුළ දකින්නට ලැබේ. පෙනී යන අන්දමට මෙම විඩියෝව රක්ෂිත් විසින් ලබාගෙන ඇත්තේ රශ්මිකාගේ ගෙවුණු උපන්දිනයකදී බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, මෙම පැරණි විඩියෝව නිසා රශ්මිකා දැඩි අපහසුතාවයකට මේ වනවිට පත්ව ඇති බව වාර්තා වෙයි.