රවීනා තන්දන්ගේ සත්ව කරුණාව
“මම හැමෝටම කියන්නෙ සතුන් බෝ කරන තැන්වලින් පැටව් මිළ දී ගන්න එපා.. යනඑන මං නැතුව අසරණ වුණ සතුන්ට ඔබේ නිවසේ සෙවණ දෙන්න..”
එසේ කියන්නේ ජනප්‍රිය නිළි රවීනා තන්දන්ය. කරුණාවෙන් පිරි හදවතක් ඇති ඇය අයාලේ යන සතුන්ට නිවෙස් සොයා දී පිහිට වූ අවස්ථා බොහොමයකි. මේ දිනවල ඇගේ අලුත්ම වෙබ් චිත්‍රපටියේ රූගත කිරීම් හිමාචල් ප්‍රදේශයේ පැවැත්වෙයි. එහිදී ද ඇයට අසරණ බලු පැටව් දස දෙනෙක් දැක ගන්නට ලැබිණි. උන්ගේ තත්වය අවදානම් වූ බැවින් හොඳ අතට හැරෙන තුරු ඇය උන් සැළකිල්ලෙන් බලාකියා ගත්තාය. ඉනික්බිතිව නව දෙනෙකුට නිවාස සොයා දුන් අතර එක් පැටියෙකු ඇගේ නිවසට රැගෙන ගියාය.
“තමන් අසරණ වුණාම කතා කරලා රැකවරණය ඉල්ලන්න සත්තුන්ට පුළුවන්කමක් නෑ.. අපිට පුළුවන් විදියට අපි එයාලට උදව් කරන්න ඕන.. බලු පැටවුන් නව දෙනෙකුට ගෙවල් හොයලා දීලා එක්කෙනෙක් මගේ ගෙදරට ගෙනාව එක ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.. මගේ යාළුවො වැඩි දෙනෙක් බලු පැටව් ගන්නෙ බෝ කරන තැන්වලින්.. මම කියන්නෙ ඒක හොඳ දෙයක් නෙමෙයි.. ඒ වගේ තැන්වල බැල්ලියෝ යොදා ගන්නෙ පැටව් බිහි කරන මැෂින් වගේ.. ඒකෙන් බැල්ලියන්ගෙ සෞඛ්‍යය පිරිහෙනවා.. අනික් එක දේශීය බලු වර්ග ඊට වැඩිය ශක්තිමත්.. ලෙඩ රෝග අඩුයි.. ඒ හින්දා මං කියන්නෙ දේශීය බල්ලන් අයාලේ යන්න නොදී උන්ට රැකවරණය දෙන්න..” රවීනා ඉල්ලා සිටින්නීය.