රවීනා තන්ඩන් තිර රචනයට යොමු වෙයි
ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබු ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි රවිනා තන්ඩන් තිර රචනයට යොමුව ඇතැයි වාර්තා වේ. ඒ ඇයගේම සිනමා වෙබ් අඩවියක් හරහාය. රවීනා පවසන්නේ නවීන තාක්ෂණයත් සමග ඇය ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන බවය.
එමෙන්ම රවීනා මේ වනවිට සිනමා තිර පිටපත් හතරක් ලියා අවසන් ඇති අතර, ඒවා නුදුරේම සිනමා නිර්මාණයක් බවට පත් කරන්නටද තමා තුළ සැලස්මක් ඇති බවද ඇය පවසා ඇත. එමෙන්ම ඇය මේ වනවිට AA ෆිල්ම්ස් නමින් චිත්රපට නිෂ්පාදක ආයතනයක්ද ආරම්භ කර තිබේ.