රයිමාගේ පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ රයිමා සෙන් නුදුරේම දකුණු ඉන්දීය දමිල චිත්‍රපටයක් තුළින්ද දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී තිබේ. ඇය පෙනී සිටින පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය ‘අගින් සිරගුගල්’ චිත්‍රපටයයි. විජේ ඇන්තනි ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති චිත්‍රපටයකි.
රයිමා පවසන්නේ තමන් කාලයක සිට දකුණු ඉන්දීය චිත්‍රපටයකට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටි බවය. එමෙන්ම ‘අගින් සිරගුගල්’ චිත්‍රපටය සඳහා තමාට ආරාධනා ලැබුණේ පසුගිය වසරේ අවසානයේදි බවත්, චෙන්නායි ඇතුළු නගර කිහිපයක් ‘කොවිඩ්’ නිසා වසා දැමු නිසාවෙන් මෙහි අවසන් රූපගත කරන්නට නොහැකි වුවත් මීට දින කිහිපයකට පෙර එම රූපගත කිරිම් අවසන් කරන්නට ලැබුණ බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණි.