රන්වීර්ගේ චිත්‍රපටය සයිබර් ප්‍රහාරයක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල බොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණක් ලෙසින් තිරගත වන රන්වීර් සින්ග්ගේ ‘Simmba’ චිත්‍රපටය සාර්ථකව ආදායම් වාර්තා අතරට පැමිණමින් පවතින බව සඳහන් වේ. මෙම චිත්‍රපටය ඉන්දියානු සිනමා ශාලාවල මෙලෙස තිරගත වීමේදී එම චිත්‍රපට අන්තර්ජාලයට මුදා හැරීමක් පිළිබඳව ඉන්දියානු පුවත් වාර්තා කරනු ලැබීය.

රන්වීර් සින්ග් රංගනයෙන් දායක වූ ‘Simmba’ සම්පූර්ණ චිත්‍රපටය ‘TamilRockers’ නම් වෙබ් අඩවිය විසින් හොරකම් කර අන්තර්ජාලයට එක් කොට තිබේ. මීට පෙරත් එළිදැක්වූ ඇතැම් චිත්‍රපටද මෙම වෙබ් අඩවිය විසින් අනවසරයෙන් අන්තර්ජාලයට එක්කොට තිබෙන බවත් ඉන්දියානු මාද්‍ය අනාවරණය කරයි. එමෙන්ම මේ වනවිට මෙම වෙබ් අඩවිය තහනමට ලක් කර ඇති බවද වාර්තා වේ.

20190106Film-1