රන්වීර්ගේ කෝටි 5 රිතික්ට දිලා
පසුගියදා ආරම්භ වූ ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීම සඳහා එක්වූ රිතික් රෝෂන්ට ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් ගෙවන්නට සංවිධායකයන්ට සිදුවු බව සඳහන් වේ.
රිතික් වෙනුවට එම ගෙවීම ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට ගෙවන්නට සංවිධායකයන් සැලසුම් කර තිබුණද ඔහු හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මෙම සමාරම්භක උත්සවයට පැමිණිමට නොහැකි බව රන්වීර් සංවිධායකයන්ට දන්වා තිබුණි.
රිතික්ට අමතරව මෙම සමාරම්භක උත්සවය හැඩ කිරීමට ජැකලින් ෆර්නැන්ඩෙස්, ප්‍රභුදේවා, තමන්නා භාටියා, වරූන් ධාවන් හා මිකා සිං එක්ව සිටියහ.