රන්වීර් හා ආලියා හොඳම නළුනිළියන් වෙයි
20 වැනි ‘අයිෆා’ සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම නළුවා ලෙස රන්වීර් සිංද හොඳම නිළිය ලෙස ආලියා භාට්ද සම්මාන දිනා ගැනීමට සමත්ව ඇත. රන්වීර් මෙසේ හොඳම නළුවා බවට පත්වූයේ ‘පද්මාවත්’ චිත්‍රපටයේ කළ රංගනය හරහාය. ආලියා ‘රාසි’ චිත්‍රපටයේ කළ රංගනය තුළින් හොඳම නිළිය බවට පත් විය.
හොඳම නළුවා සම්මානය සඳහා රන්බිර් කපූර්, අයේෂ්මන් කූරාණා, රාජ්කුමාර් රාඕ හා විකී කෞශාල්, රන්වීර් සිං සමගින් තරග කරනු ලැබු අතර, ආලියා සමගින් රාණි මුඛර්ජි, දිපීකා පදුකෝන්, නීනා ගුප්තා, තාබු හොඳම නිළිය සඳහා තරග කරනු ලැබීය.