රන්වීර් සිං සහ ස්පයිඩර් මෑන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-04-ent-34

‘‘ඉස්කෝලේ යන කාලෙ මම ස්පයිඩර් මෑන් වගේ සුපිරි වීරයන්ට හරි කැමතියි.. ඒ බව දන්න හින්ද ද මන්දා ඉස්කෝලේ තිබ්බ නාට්‍යයක සුපර් මෑන් විදියට රඟපාන්න මාව තෝරා ගත්තා.. හැබැයි ඒක උපහාසයෙන් පිරුණ නාට්‍යයක්.. මාත් ඒ කාලෙ හරි මහතයි.. මහත කොල්ලෙක් ස්පයිඩර් මෑන් විදියට හිරට ඇන්දම කොහොමද..? මාව දැකලා හැමෝම හො`දටම හිනා වුණා.. ඒත් මම ඒ චරිතය රඟපෑවේ බොහොම කැමැත්තෙන්.. නාට්‍යය ඉවර වෙලා හු`ගක් වෙලා යනකම් මම ඒ ඇ`දුම ගැලෙව්වෙ නෑ..’’

රන්වීර් සිං සිය අතීතය සිහිපත් කරමින් පැවසුවේ සිනාසෙමිනි.

ලේඞීස් වර්සස් රිකී බාල්, ලූතෙරා, ගෝලියොන් කි රාස් ලීලා රාම් ලීලා, ගුණ්ඬේ, දිල් ධාදක්නේ දෝ, බජිරා ඕ මස්තානි වැනි චිත‍්‍රපටි තුළින් සිය නම රසික සිත් තුළ නොමැකෙන සේ සටහන් කළ රන්වීර් කියන්නේ අනෙක් අයගේ සිනාවට ලක් වෙතැයි බියක් කවදාවත් තමාට නොතිබුණ බවය. ‘‘කවුරු හිනා වුණත් මාව මෝඩයෙක් කියලා හිතුවත් මම ගණන් ගන්නෙ නෑ..’’ ඔහු කියන්නේය.

මේ දිනවල ඔහු ඩෙඞ්පූල් 2 නම් වන හොලිවුඞ් චිත‍්‍රපටියේ හින්දි නිර්මාණය වන ඩෙඞ්පූල්හි රයන් රෙනෝල්ඞ්ස්ට සිය කටහ`ඩ දෙන්නේය. ඉදිරියේදී ඔහු දැකිය හැකි වන්නේ සෝයා අක්තාර් ගේ ගලී බෝයි, රෝහිත් ෂෙට්ටි ගේ සිම්බා සහ කබීර් ඛාන් ගේ 83 යන චිත‍්‍රපටිවලය.