රන්වීර් - දිපීකා විවාහයට කෝටි 70ක්
නොවැම්බර් 16 වැනිදා ඉතාලියේදී විවාහ දිවියට පිවිසි රන්වීර් සිං හා දිපීකා පදුකෝන් දෙදෙනාගේ විවාහය සඳහා ඉන්දීය රුපියල් කෝටි 70ක් මුදලක් වියදම් වී ඇති බව සඳහන් වේ. ඉතාලියේ පැවති විවාහ උත්සවය සඳහා කෝටි 17ක මුදලක් වැය වී තිබුණ අතර, ඉන් පසුව මුම්බායි හි සුපිරි හෝටලයක අමුත්තන් 300ක් පැමිණි උත්සවයට ඉතිරි මුදල වියදම් වි ඇත.
එමෙන්ම ඔවුන් දෙදෙනා විවාහයෙන් පසුව පදිංචි වීමට නව නිවසක් මිළඳි ගෙන ඇති අතර, ඒ සඳහා ඔවුන් වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 50ක් බව සඳහන් වේ. එය මුම්බායි නගරයේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටා ඇති බව සඳහන් වේ.