රන්වීර්, දිපිකා විවාහය කල් යයි
නොවැම්බර් මාසයේදී විවාහ වීමට සූදානමින් සිටි බොලිවුඩ් සුපිරි සිනමා නළුනිළි යුවලක් වූ දිපීකා පදුකෝන් හා රන්වීර් සිං සිය විවාහය මාස කිහිපයකට පසුව පවත්වන්නට තිරණය කර තිබෙන බව වාර්තා වේ.
ඉතාලියේ ලේක් කොමෝහිදී පවත්වන්නට සැලසුම් කර තිබු මෙම විවාහ උත්සවය සඳහා මංගල පාර්ශවයේ ඥතින් හා මිතුරන්ද සමගින් 30 දෙනෙකුට දිපීකා හා රන්වීර් මුලින් තිරණය කර තිබුණි. ඊට දින කිහිපයකට පසුව මුම්බායි හිදි 300කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සුපිරි විවාහ මංගල්‍යයක්ද ඔවුන් පවත්වන්නටද සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත්, ඉතාලියේ ලේක් කොමෝහිදී පවත්වන්නට සැලසුම් කර තිබු මෙම විවාහ උත්සවයයට දිපීකාගේ පාර්ශවයෙන් සුපිරි නළු ෂාරුක් ඛාන්ටද, රන්වීර් සිංගේ පාර්ශවයෙන් ඔහුගේ මිතුරු අර්ජූන් කපූර්ටද ආරාධනා කර තිබුණ බව සඳහන් වේ. දැනට වාර්තා වන්නේ මෙම විවාහ උත්සවය තවත් මාස කිහිපයකින් පසුව පවත්වන්නට සූදානම් කර ඇති බවය.