රන්වීර් 'ඩෙඩ්ෆුල්ට' හඬකවයි
මැයි මස 18 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත සිමෝන් කිංබර්ග් නිෂ්පාදනය කළ ‘ඩෙඩ්ෆුල්’ දෙවැනි කොටස රැගත් චිත්‍රපටය හින්දි බසින්ද මේ වනවිට හඬකවමින් සිටින බව සඳහන් වේ. ඉන්දියාවේ තිරගත වන බොහෝ හොලිවුඩ් චිත්‍රපට හින්දි බසින් හඬකවන අතර, ඒ සඳහා සුපිරි බොලිවුඩ් නළුනිළියන්ගේ හඬ ලබාගැනීමද සිදුවන්නේය.
‘ඩෙඩ්ෆුල්’ දෙවැනි චිත්‍රපටයේ රයන් රේනොල්ඩ්ස් රඟන ‘ඩෙඩ්ෆුල්’ චරිතයට හින්දි බසින් හඬකවන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිං බව සඳහන් වේ. ඔහු හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා සිය හඬ ලබාදී ඇත්තේ පළමු වතාවට බව සඳහන් වේ. ඔහු සමගින් මෙහි ක්‍රිති ෂැනොන්, බෝමන් ඉරානිද සිය හඬලබාදී ඇති බව සඳහන් වේ.