රන්වීර් කෝටි දෙකක් එපා කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-21-ent-98

පද්මාවත් චිත‍්‍රපටියේ අසාමාන්‍ය රංගනයක නිරත වීම නිසාම බොහෝ සෙයින් කතාබහට ලක් වූ රන්වීර් සිං නැවතත් පුවත්පත් සිරස්තල හැඩ කරමින් සිටින්නේය. මෙවර කතා කෙරෙන්නේ ඔහුගේ විශිෂ්ට ගුණාංගයක් පිළිබදවය. යම් චරිතයක් රග පාද්දී එය තමාට කා වද්දා ගැනීම රන්වීර්ගේ පුරුද්දකි. මේ දිනවල ඔහු සෝයා අක්තාර් ගේ ගලී බෝයි චිත‍්‍රපටියේ රග පාන්නේය. ඒ චරිතය හැරෙන්නට වෙනත් කිසිම දෙයක් ඔහුගේ ජීවිතයේ නැති තරම්ය.

‘‘මංගල උත්සවයක විනාඩි 30 ක් පෙනී ඉන්න රන්වීර්ට ආරාධනාවක් ලැබුණා.. මේ විනාඩි 30 වෙනුවෙන් රුපියල් කෝටි දෙකක් ගෙවන්න සංවිධායකයෝ පොරොන්දු වුණා... ඇත්තටම කෝටි දෙකක් කියන්නෙ අතාරින්න පුළුවන් මුදලක් නෙමෙයි.. ඒත් රන්වීර් ආරාධනාව ප‍්‍රතික්ෂේප කළා..’’ රන්වීර්ගේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

චිත‍්‍රපටියේ රූගත කිරීම් පැවැත්වෙන නගරයට සෑහෙන දුරකින් පිහිටි නගරයක මංගල උත්සවය පැවැත්වෙන්නට නියමිතව තබිණි. රන්වීර් එහි පියාසර කර රාති‍්‍රයේම ආපසු ආ යුතු වූයේය.

‘‘එහෙම ඇවිත් කිසිම විවේකයක් ගන්නෙ නැතුව උදේ ්ආයෙමත් රූගත කිරීම්වලට සහභාගි වෙන්න අමාරුයි.. මේ වෙලාවේ මට ඕන කරන්නෙ මගෙ චරිතය හරියට කරන්න.. මුදල් ගැන හිතලා චරිතය අවුල් කර ගන්න මට බෑ..’’ ඔහු පවසා තිබිණි.