රන්බීර්ගේ 'සංජූ' පළමු තැනට
මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන්නට රාජ්කුමාර් හිරුණිගේ ‘සංජූ’ චිත්‍රපටය සමත්ව තිබේ. පසුගිය සති අන්තය වන විට මෙම චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 586ක් දක්වා වැඩි කරගෙන තිබේ.
මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයට බවට මීට පෙර පත්ව තිබුණේ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයයි. එය තිරගත වූ කාලසීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 585ක් උපයාගෙන තිබුණි. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’, අමීර් ඛාන්ගේ ‘ඩග් හින්දුස්තාන්’ චිත්‍රපට තිරගත වීමත් සමග මෙම ආදායම් උපයා ගැනීම වෙනස්විය හැකි බව සිනමා විචාරකයන් පවසයි.