රන්බීර්ගේ විවාහය මව තීරණය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-07-ent-01

බොලිවුඩ්යේ දඟකාරයා වන රන්බීර් කපූර් විවහ වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. දීපිකා පදුකෝන්, කත්‍රිනා කයිෆ් වැනි බොලිවුඩයේ සුරූපී නිළියන් සමඟ පෙම් සබඳතා පැවැත්වූ ඔහු විවාහ වීමට සූදානම් වන්නේ රංගන ක්ෂේත්‍රයේ නොවන කෙනෙක් බවයි සඳහන් වෙන්නේ. ඇය රන්බීර් කපූර්ගේ මව වන නීතු කපූර්ගේ තෝරා ගැනීමක්. මේ වනවිට 35 වියෙහි පසුවන තම ආදරණීය පුතුට සුදුසු සහකාරියක් තෝරාගැනීමට පසුගිය වසර 2 පුරාම බොහෝ වෙහෙස වුණ බවයි නීතු කපූර් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ රන්බීර් කපූර් බොලිවුඩයේ නවක සුරූපී නිළියන් වන සෝනම් කපූර් සහ නර්ගීස් ෆක්‍රි සමඟද මිතුදමට එහා ගිය සබඳකම් පැවැත්වූ බවයි.