රන්බීර්ගේ උපන්දිනයට ආලියා ආවාද?
ජනප්රියම බොලිවුඩ් නළුවන් අතර පෙරමුණේ පසුවෙන්නෙක් වන රන්බීර් කපූර්ගේ 38 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදී තිබුණි. ඒ වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබුණ අතර, රන්බීර්ගේ පවුලේ අය පමණක් ඊට එක්වූ බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, මෙම උපන්දින සාදයට රන්බීර්ගේ වර්තමාන පෙම්වතිය වන ආලියා එක් නොවුණ බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මිලියන 50ක රසික පිරිසක් එක්ව සිටින ආලියා භාට්ගේ ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ ඇය විසින් රන්බීර් සිය උපන්දිනය සමරන අයුරු ඡායාරූපයක් එක්කොට තිබුණ බව සඳහන් වෙයි. රතු හදවතක් සමග අංක 08 යොදා ඇය විසින් මෙම ඡායාරූපය පළ කොට තිබීම විශේෂත්වයකි. ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් ඉන්දියාවේ නගර වසා දමන විට ආලියා හා රන්බිර් එකම නිවසක මාස කිහිපයක් ගත කළ බවද වාර්තා වෙයි.