රන්බීර්ගේ උපන්දිනයේ ප්රධාන ආරාධිතයින්
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු රන්බීර් කපූර්ගේ 37 වැනි උපන්දිනය පසුගිය සැප්තැම්බර් 28 වැනිදාට යෙදී තිබුණි. මේ වෙනුවෙන් රන්බීර් සිය මුම්බායි නිවසේ සාදයක් සංවිධානය කර තිබුණ අතර, ඒ සඳහා සිනමා නළුනිළියන් සිනමා අධ්යක්ෂවරුන් ඇතුළු ජනප්රිය පුද්ගලයින් බොහෝ දෙනෙකු එක්වූ බව සඳහන් වේ.
කෙසේ වෙතත්. බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ රන්බිර්ගේ මෙම උපන්දිනයේ විශේෂිත ආරාධිතයින් වුයේ රන්බීර්ගේ හිටපු පෙම්වතියක් වන දිපීකා පදුකෝන් හා ඇයගේ විවාහක සැමියා වන රන්වීර් සිං දෙදෙනාය. රන්බිර් විසින් මොවුන් දෙදෙනා ඉතා උණුසුම්ව පිළිගත් බවටද තොරතුරු වාර්තා වේ.