රන්බීර් සහ අනුෂ්කා අමනාප වූ දවසක්
නළුනිළියන් විසින් සමහර චිත්‍රපටි ජවනිකා ආයාසයෙන් තොරව රඟ පානු ලබන බව ප්‍රේක්ෂකයන් සිතන නමුදු තමන් ඒවාට මුහුණ දෙන්නේ මොන තරම් අසීරුවෙන්දැයි දන්නේ ඔවුන්ම පමණකි. කරන් ජෝහාර් ගේ ඒ දිල් හෑ මුෂ්කිල් චිත්‍රපටියේ අනුෂ්කා ශර්මා, රන්බීර් කපූර්ට පහර දෙන දර්ශනයත් එවැන්නකි. චිත්‍රපටිය පුරාම ඔවුන් රඟ පෑවේ එකිනෙකාට හොඳින්ම ගැලපෙන යුවළක් බවට හැඟීමක් රසිකයන් ගේ සිත්වල ඇති කරවමිනි.
එහෙත් රන්බීර්ට කම්මුල් පහරක් දෙන දර්ශනයේදී ඇය වරක් නොව තෙවරක්ම ඔහුට පහර දී තිබිණි. එයින් බොහෝ සේ රිදුණ බැවින් අනුෂ්කාට බැණ වදින්නට ද ඔහුට සිදු විය.
හරියටම දර්ශනය කැමරාගත කරන මොහොතේ මිස ඊට පෙර රන්බීර්ට ඇත්තටම පහර නොදෙන ලෙස අධ්යක්ෂවරයා විසින් ඇයට දැනුම් දෙනු ලැබ තිබිණි. එහෙත් චරිතයට අවතීර්ණ වූවාට පසුව ඇයට එය අමතක වී ගියේය. ඔහුට තුන් වරක්ම පහර දෙන්නට සිදු වූයේ එම නිසාය. කෙසේ වුවත් චිත්‍රපටියට රසිකයන් ගේ මෙන්ම විචාරකයන්ගේත් හොඳ ප්‍රතිචාර ලැබිණි.
අනුරාග් කාශ්‍යප් ගේ බොම්බේ වෙල්වට් චිත්‍රපටියේ ද ඔවුහු එකට රඟපෑහ.