රන්බීර් කපූර් සහ ආලියාගේ විවාහය 2020 දීලු
බොලිවුඩ් තරුවක් වන රන්බීර් කපූර්ගේ නවතම පෙම්වතිය වනබොලිවුඩ් නිළි ආලියා භාට් පිළිබඳතොරතුරු ඉන්දියානු වෙබ් අඩවි විසින් වාර්තා කරනු ලබයි. රන්බීර් සහ ආලියා පෙම් සබඳතාව ආරම්භ වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර බවද සඳහන් වෙයි. මීට මාස කිහිපයකට පෙර ආලියා තම නව පෙම පිළිබඳ ඉඟිද පළ කර තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ වුවද, ඔවුන් දෙදෙනාගේ විවාහ පිළිබඳවද කතාබහක් ඇතිව තිබේ. ආලියා පුවත් සාකච්ඡාවකදී පවසා ඇත්තේ, 2020 වසර තෙක් ඇයගේ විවාහය කල් දමන බවයි. එයට හේතුව ලෙස ඇය සඳහන් කරන්නේ, තමාටඉදිරි වසර දෙකක කාලය තුළසිනමා නිර්මාණ කිහිපයක් සඳහා දායක වීමට නියමිතව ඇති හෙයින් විවාහය කල් දැමීමට සිදු වන බවයි.