රන්බීර් කපූර් ගේ ඉස්කෝලෙ කාලේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-07-17-ent-40

රන්බීර් පාසැල් අවධියේදී ඉගෙනුමට දස්කම් දැක්වූ අයෙක් නොවීය. ඔහු ගෙදර වැඩට දැක්වූයේත් මහා අලසකමකි.

2017-07-17-ent-41‘‘හෝම් වර්ක් කළේ නැත්නම් මම තාත්තට කියනවා ඔන්න..’’

කියමින් ඔහු බියපත් කරන්නට අම්මා නීතු කපූර් පුරුදුව සිටියාය.

‘‘විභාග ප‍්‍රතිඵල කියන දවසට අම්මා අනිවාර්යයෙන්ම ඉස්කෝලෙට එනවා.. මගෙ ලකුණු හැමදාම අඩුයි.. ඉතින් මම අම්මගෙන් සමාව ඉල්ලලා ඊ ළ`ග විභාගෙට හො`දට වැඩ කරන්න පොරොන්දු වෙනවා.. හැබැයි තාත්තට කියනවා කියලා අම්මා කිව්වොත් එහෙම මම හො`දටම අ`ඩනවා.. මොකද මම තාත්තට හරි බයයි..’’ රන්බීර් කියන්නේ සිනාසෙමිනි.

ඒ කාලයේ ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි නොතිබීම පිළිබ`දව තමා සතුටු වෙන බැව් රන්බීර් කියන්නේය.

එසේ තිබුණේ නම් ඔහුගේ පියා රිෂී කපූර් සිය පුතු ගේ ඉගෙනීමේ දුර්වලතා ගැන වෙබ් අඩවියට ලියන්නට ඉඩ තිබිණි.

‘‘කොහොම වුණත් මම තමයි පවුලේ වැඩියෙන්ම ඉගෙනගෙන තියෙන එක්කෙනා.. එතකොට අනිත් අයගෙ තරම හිතා ගන්න පුළුවන් නේද..? මගෙ තාත්තා අටේ පන්තියේදී පේල් වෙලා තියෙනවා.. මගේ බාප්පා නවයෙදි.. සීයා හයේදී.. දහයෙ පන්තියේදී මගේ හො`දම ලකුණු සීයෙන් හැටයි..’’ රන්බීර් කියයි.

ඔහු කති‍්‍රනා කායිෆ් සම`ග ර`ග පාන ජග්ගා ජාසූස් චිත‍්‍රපටිය ළ`ගදීම තිරගත වීමට නියමිතය.