රන්බිර් සමග සිටියත් ආලියාට ‘කොවිඩ්’ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය පෙම්වතා වූ රන්බිර් කපූර්ට ‘කොවිඩ්’ ආසාධනය විම හේතුවෙන් ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් ඇතුළු පිරිසක් පසුගියදා PCR පරික්ෂණය සඳහා යොමුකර තිබුණි. කෙසේ වෙතත්, මාර්තු 11 වැනිදා සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ සටහනක් තබමින් ආලියා පවසා තිබුණේ තමන්ට ‘කොවිඩ්’ ආසාධනය වී නොමැති බවය.

පසුගිය දින කිහිපයේදී තමන් තනිව හුදකලා වී සිටි බවත්, ඒ අතරතුර ලැබුණ PCR පරික්ෂණ ප්‍රතිඵලවලදි තම ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බවත් පවසන ආලියා තවත් දින කිහිපයකින් නැවතත් සුපුරුදු පරිදි සිය කලා කටයුතු සඳහා යොමුවන බව පවසා ඇත. එමෙන්ම තමන් ‘කොවිඩ්’ පරික්ෂණවලට මුහුණ දුන් මොහොතේ සිට මේ දක්වා තමන්ට සුව ප්‍රාර්ථනා කළ සැමටද අවසානේ තුති පුදකරන්නටද ඇය විසින් කටයුතු කර තිබුණි. 

20210314Alia (1) 20210314Alia (2)