රන්බිර් කපූර්ට ‘කොවිඩ්’ හැදිලා
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්බිර් කපූර්ට මේ වනවිට ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇතැයි වාර්තා වෙයි. රන්බිර් ‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට මුල්වරට ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මව නෙතු කපූර් විසිනි. මේ වනවිට රන්බිර් ස්වයං නිරෝධායනය වෙමින් සිටියි.
පසුගිය දින කිහිපයේදිම රන්බිර් සමිපව ඇසුරු කළ බොහෝ දෙනෙකු මේ වනවිට PCR පරික්ෂන සඳහා යොමු කර තිබේ. රන්බිර්ගේ වර්තමාන පෙම්වතිය වන ආලියා භාට්ද ඒ අතර සිටියි. ඔහු ඇය සමගින් පසුගිය දින කිහිපයේදීම ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිට ඇත. එමෙන්ම ආලියා රංගනයෙන් දායක වන ‘ගංගාදේවී කතිකාවත්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන සංජේ ලීලා බන්සාලිද මේ වනවිට ‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට පත්ව සිටියි.