රන්දිර්ටත් ‘කොවිඩ්’ හැදිලා
80 දශකයේ ජනප්‍රිය හින්දි සිනමා තරුවක් වූ රන්දිර් කපූර්ට මේ වනවිට ‘කොවිඩ්’ රෝගය ආසාධනය වි ඇතැයි වාර්තාවේ. 74 වැනි වියෙහි පසුවන රන්දිර් මේ වනවිට මුම්බායි නගරයට ආසන්න පිහිටි කෝකිලාබන් පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.
රන්දිර්ගේ බාල සොහොයුරන් වන රිෂි කපූර් හා රජිව් කපූර් දෙදෙනාම පසුගිය වසරේ ජිවිතක්ෂයට පත් විය. කෙසේ වෙතත්, කෝකිලබන් රෝහලේ වෛද්‍ය සංතෝෂ් ෂෙට්ටි පවසන්නේ රන්දිර් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් මේ වනවිට පසුවෙන පසු වෙමින් සිටින බවය.