රන්දිප් හොන්ඩා හදිසියේම රෝගාතුර වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200902-05

ජනප්‍රිය බොලිවුඩ් හා හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දයක වූ බොලිවුඩ් සිනමා නළු අගෝස්තු 26 වැනිදා උදෑසන හදිසියේම මුම්බායි හි බ්‍රේච් කැන්ඩි පෞද්ගලික රෝහළට ඇතුලත් කර තිබේ. ඔහු කුමන රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නට මෙම රෝහළට ගියේද යන්න වාර්තා නොවන අතර, ‘ටයිම්ස් ඉන්දියා’ පුවත්පතේ වාර්තාකරුවෙකු එම රෝහළෙන් කළ විමසීමකදී එහි වෛද්‍යවරුන් පවසා තිබුණේ රන්දිප් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවය.

‘කොරෝනා’ රෝගයද යන්න සැක කරමින් රන්දින්ට ඊට අවශ්‍ය පරික්ෂණ සිදු කර ඇති අතර, එහි ප්‍රතිපළ සියල්ල රිනාත්මක ඒවා බවද වෛද්‍යවරුන් වැඩි දුරටත් ‘ටයිම්ස් ඉන්දියා’ පුවත්පතට සඳහන් කර තිබේ.