රන්දිප් හුන්ඩා කුණු අදියි
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු රන්දිප් හුන්ඩා පසුගියදා මුම්බායි නගරයේ මුහුදු වෙරළ ආශ්රිතව පැවති කසළ ඉවත් කිරිමේ වඩසටහනකට එක්වූ බව සඳහන් වේ. නිල නොලත් රාජ්ය සංවිධානයක් සමග එක්ව මෙසේ රන්දිප් මුම්බායි මුහුදු වෙරළ තුළ ඇති කසළ ඉවත් කිරිමේ වැඩසටහනට දායකව තිබුණ බව සඳහන් වේ. මොහු සමගින් තරුණ ගායක, ගායිකාවන් කිහිප දෙනෙකු හා රූපවාහිනි නළුනිළියන් කිහිප දෙනෙකුද මෙම වැඩසටහනට එක්ව සිටි බවද සඳහන්.
පසුගිය වසරේ තිරගත වූ ‘සුල්තාන්’, ‘ලාල් රංගේ’, ‘සර්බෝජිත්’, ‘ඩෝ ලාෆ්සන් කි කහානි’ චිත්රපටවල රඟපෑ රන්දිප් මේ වසරේ කිසිදු බොලිවුඩ් චිත්රපටයක් සඳහා රංගනයෙන් දායක ව නොමැත. කෙසේ වෙතත්, ඔහුගේ අලුත්ම චිත්රපටයක රූපගත කිරීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවට තොරතුරු ලැබේ. රාජ්කුමාර් සංතෝෂි අධ්යක්ෂණය කරන ‘Battle of Saragarhi ’ චිත්රපටය ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය වන අතර, එය ලබන වසරේදී ප්රදර්ශනය කිරීමට නියමිතව ඇත.