රජිනිකාන්ත්ගේ ‘ Petta’ට සිනමාශාලාවල ගැටලුවක්
දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙසින් හඳුන්වන රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටයක් වන ‘Petta’ චිත්‍රපටය අද 10දා ඉන්දියානු සිනමාශාලාවල තිරගත වීමට නියමිතව තිබේ. මෙම චිත්‍රපටය සිනමා ශාලා වෙත බෙදා හැරීමේදී යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මෙම චිත්‍රපටයේ තෙලිඟු භාෂාවෙන් හඬකවා ඇති චිත්‍රපට තෙලිඟු ප්‍රාන්ත වන තෙලාන්ගනා සහ අන්ද්‍රා ප්‍රදේශ්හි ඇති සිනමා ශාලාවලට බෙදා හැරීමේදී ගැටලුකාරී තත්ත්වයක් උදාවී තිබෙන බව පැවසේ. මෙම චිත්‍රපට සිනමා මාෆියාවට හසුවී ඇති බව මෙහි නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරයි. කෙසේ වුවත් මෙම චිත්‍රපටය එම ශාලාවලින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම චිත්‍රපටය දැඩි අර්බුදයකට මුහුණපා ඇති බව ඇතැමුන්ගේ අදහස වේ.