රජිනිකාන්ත්ට තර්ජනාත්මක ලිපියක්
පසුගිය දිනයන්හී ඉන්දියානු පුවත් බොහෝ වාර්තා කරනු ලැබුවේ රජිනිකාන්ත්ගේ දේශපාලන පිවිසුම පිළිබඳවයි. ඒ තුළ බොහෝදෙනාගේ බලාපොරොත්තු රැසක් තිබුණු බව ඉන්දියානු මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා. නමුත් ඒ පුවතේ ඇති උණුසුම සමගින් රජිනිකාන්ත් හට අවවාදාත්මක ලිපියක් ලැබී ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
එම ලිපිය ලැබී ඇත්තේ ඉන්දියානු පාතාල ලෝකයේ නායකයෙකු ලෙස හඳුන්වන හජ් මස්තාන්ගේ පුත්රයාගෙනි. සුන්දර් ශේඛර් නම් වූ ඔහු රජිනිකාන්ත්ට ලිපියක් ලියමින් අවවාදාත්මකව දන්වා ඇත්තේ තම පියා පිළිබඳව නිර්මාණය වීමට නියමිත චිත්රපටයෙහි වැරදි අරුතක් ගෙනෙනා ආකාරයෙන් රංගනයෙන් දායක නොවන ලෙසයි. මේ වන විට නමක් යොදා නොමැති මෙම චිත්රපටයෙහි හජ් මස්තාන්ගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටින්නේ රජිනිකාන්ත්ය. මෙම චිත්‍රපටයෙන් එම පාතාල නායකයාගේ පෞද්ගලික ජීවිතයද ඉස්මතු වන අතර, ඒ සඳහා නීතියේ බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇති බවද සඳහන් වේ.