රජිනිකාන්ගේ 'කාලා' කල් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-19-ent-63

ඉන්දියානු දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වනු ලබන රජිනිකාන්ත්ගේ ‘කාලා’ චිත්‍රපටය තිරගත වීම අප්‍රේල් මාසය තෙක් කල් ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. එහි තාක්ෂණික කටයුතු (VFX) කිහිපයක් හේතුවෙන් මෙම මස එය එළිදැක්වීමට නොහැකි බවයි සඳහන් වන්නේ. 2.0 චිත්‍රපටය සහ ‘කාලා’ චිත්‍රපටය සඳහා ඔහු මෙම වසරේ රංගනයෙන් දායක වන අතර, මෙම චිත්‍රපට නිෂ්පාදනය කරනු ලබන්නේ ඔහුගේ බෑනා වන රංගන ශිල්පී ධනුෂ් විසිනි. 2016 වසරේ රජිනිකාන්ත්ගේ දැවැන්ත නිර්මාණයක් වූ ‘කබාලී’ හි අධ්‍යක්ෂකවරයා වන පී.ඒ. රංජිත් විසින් මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරනු ලබයි.