රජිණිගේ අලුත් චිත්‍රපටයේ වැඩ අරඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-02-ent-44

67 වැනි වියෙහි පසුවන රජිණිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වූ ‘පෙට්ටා’ රූපගත කිරීම් පසුගියදා දකුණු ඉන්දියාවේ වනරාසිහිදී ආරම්භ කරනු ලැබීය. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන මෙම චිත්‍රපටය කාර්තික් සුබ්රාජ්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වේ. රාජිණි රඟන මෙම චිත්‍රපටයේ ඔහු සමගින් ප්‍රධාන නිළි චරිතයට පණ පොවනු ලබන්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි ත්‍රිශා කිෂ්ණන්ය. ඔවුන්ට අමතරව නව්සුඩාන් සිද්ධික්, විජේ සේතුපති, බොබි සිම්හා හා සිම්රන් රංගනයෙන් දායක වෙයි. ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටයේ ලබන වසරේ මැද භාගයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවය. රාජිණි මේ වසරේ චිත්‍රපට දෙකකින් සිය සිනමා රසික පිරිස් මුණ ගැසෙන අතර, ‘කාලා’ දැනටමත් ප්‍රදර්ශනය විය. එමෙන්ම රජිණිගේ ‘2.0’ චිත්‍රපටය දෙසැම්බර් 26 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.