රජිණිගේ ‘අනන්තේ’ චිත්රපටයේ දුෂ්ඨයා කවුද?
ඔක්තෝබර් මාසයේදී නැවතත් රූපගත කෙරෙන සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත්ගේ ‘අනන්තේ’ චිත්රපටයේ දුෂ්ට චරිතයට මේ වනවිට ජනප්රිය සිනමා නළුවෙකු තෝරා ගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ රාජිණිකාන්ත් සමගින් කිහිප වරක් බොලිවුඩ් චිත්රපටවල රඟපෑ ජැකී ෂෙරොෆ්ය. රාජිණි අවසන් වරට රංගනයෙන් දායක වූ ‘ඩර්බර්’ චිත්රපටයේද ඔහුගේ දුෂ්ඨයා වූයේ බොලිවුඩ් සිනමා නළුවෙකු වූ සුනිල් ෂෙට්ටිය. කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට ‘අනන්තේ’ චිත්රපටයට ජැකීව යෝජනා කර ඇත්තේද රජිණි බව සඳහන් වෙයි.