රජිණිකාන්ත්ගේ නිවසේ හදිසි පොලිස් පරීක්ෂාවක්
දකුණු ඉන්දීය සිනමාවේ අදටද සුපිරි තරුව ලෙස සැළකෙන රජිණිකාන්ත්ගේ චෙන්නායිහි පිහිටි නිවස පසුගියදා චෙන්නායි පොලිසිය විසින් හදිසි පරීක්ෂාවක් සිදු කොට ඇත. ඒ නිර්නාමික දුරකථන ඇමතුමකින් පවසා තිබුණේ රජිණිගේ චෙන්නායි හි පිහිටි නිවසට හදිසි බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට සූදානමකින් සිටින බවය.
ක්‍රියාත්මක වූ චෙන්නායි පොලිසිය රජිණිගේ නිවස හදිසි පරික්ෂාවට ලක්කළ අතර එහිදි ඔවුන්ට කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවුණ බවද වාර්තා වේ. මීට පෙරද මෙවැනි අවස්ථා කිහිපයකටම මුහුණ දෙන්නට දකුණු ඉන්දීය සුපිරි නළුනිළියන්ට පසුගිය කාලයේදී සිදුවි තිබුණි.