රජමඟුලට ආරාධනා කිරීම ගැන ප්‍රියංකා සතුටින්
මැයි මස 19 වැනිදා මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි බංකිම්හැම් මාලිගයේ පැවැත්වෙන හැරි කුමරි හා සිනමා නිළි මෙග්නා මර්කල්ගේ විවාහයට සහභාගි වීමට තමාට ඇරයුම් ලැබීම පිළිබඳව දැඩි ලෙස සතුටට පත්වන බව බොලිවුඩ් සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රා සිට ‘ටිවිටර්’ ගිණුම හරහා සටහනක් තබා තිබේ.
මෙම රාජකීය මංගල්‍යයේ මෙග්නාගේ යෙහෙළිය ලෙස පෙනි සිටින්නට ප්‍රියංකාට අවස්ථාව ලැබුණ බව පසුගිය කාලයේ වාර්තා වි තිබුණ මුත් මේ වනවිට එය නිල වශයෙන් තහවුරු නොවී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ප්‍රියංකාගේ සමිපතමයන් පවසන්නේ ඇය මෙම රාජකිය විවාහයේදී මෙග්නාගේ යෙහෙළිය ලෙස පෙනි සිටිනු ඇති බවය.