රජ පවුලෙන් සිනමාට එන කුමාරවරු දෙන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-12-ent-88

ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ මීළඟ නිර්මාණය ‘ස්ටාර් වෝස් : ද ලාස්ට් ජෙඩි’ ලෙස නම් කර තිබේ. මේ චිත්‍රපට මාලාවේ රඟපෑ ජෝන් බොයේගා ද තමන්ට සුපුරුදු ‘‍ෆින්’ගේ චරිතය යළි රඟපාන බව සඳහන් වෙයි. මෙහි රංගනයට එක්වන තවත් විශේෂ අමුත්තන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන් දෙදෙනා තමයි, බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් සහ හැරී කුමාරවරු බවයි. මෑතකදී ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජෝන් බොයේගා මේ ගැන කතා කළේ ලොකු ආඩම්බරයකින්. ඔටුන්න හිමි රජ කුමරුන් දෙදෙනා මේ චිත්‍රපටයේ ආරාධිත රංගනයක් ඉදිරිපත් කරන බවයි, ජෝන් බොයේගා පවසා ඇත්තේ. එහිදී ඔහු පවසා ඇත්තේ, මේ කාරණාව රහසක් ලෙස තබා ගැනීමට උත්සහ කළත් එම කාරණාව හෙලි වී ඇති බවයි. විලියම් කුමරු සහ හැරී කුමරු මෙහි දායක වන බවයි ඔහු නම් සඳහන් කරන්නේ.

 

2017-09-12-ent-87  2017-09-12-ent-89