රකුල් බොලිවුඩ් කොමඩියක
ජනප්‍රිය සිනමා නිළි රකුල් ප්රිත් සිං යොදා කරන හාස්‍යමය බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේම යළිත් රූපගත කරන්නට පියවර ගෙන තිබේ. ගෝලීය වසංගතයක් වන ‘කොරෝනා’ වෛයිරසය මුළු ඉන්දියාව පුරාම ව්‍යාප්තව වීම හේතුවෙන් මෙම චිත්‍රපටයේද වැඩ කටයුතු මේ වනවිට අතරමඟ නවතා දමා තිබේ.
බොහෝ චිත්‍රපට මේ වනවිටත් දින නියමයක් නොමැති කල් ගත කර තිබෙන අතර, සුපිරි චිත්‍රපට රැසක් මෙම වසංගතය හේතුවෙන් ප්‍රදර්ශනය වීම අත්හිටුවා තිබේ. රකුල් සමගින් මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවනු ලබන්නේ බොලිවුඩ්සිනමා නළු අර්ජූන් කපූර් බව වාර්තා වෙයි.