රකුල්, අර්ජූන් කොමඩ් චිත්‍රපටයකට..
ජනප්‍රිය සිනමා නළුනිළි යුවළක් වන අර්ජූන් කපූර් හා රකුල් ප්‍රිත් සිං යොදා කරන හාස්‍යමය චිත්‍රපටයක් නුදුරේම යළිත් රූපගත කරන්නට පියවර ගෙන තිබේ. ගෝලීය වසංගතයක් වන ‘කොරෝනා’ වෛයිරසය මුළු ඉන්දියාව පුරාම ව්‍යාප්තව වීම හේතුවෙන් මෙම චිත්‍රපටයේද වැඩ කටයුතු මේ වනවිට අතරමඟ නවතා දමා තිබේ.
බොහෝ චිත්‍රපට මේ වනවිටත් දින නියමයක් නොමැති කල් ගත කර තිබෙන අතර, සුපිරි චිත්‍රපට රැසක් මෙම වසංගතය හේතුවෙන් ප්‍රදර්ශනය වීම අත්හිටුවා තිබේ. මේ වනවිට ඉන්දියාවේ කිසිදු නගරයක සිනමා ශාලාවක් විවෘතව නොපවතින අතර, සිනමා කාර්මාන්තයේ නියැළි සිටින බොහේ දෙනෙකුට ඉන් දැඩි පාඩුවක් ඇති වී තිබේ. රකුල් හා අර්ජූන් පෙනී සිටින මෙම හාස්‍යමය චිත්‍රපටයේ වැඩ කටයුතු වසංගතය පැමිණෙන විට සියයට 50ක් ප්‍රමාණයක වැඩ කොටසක් අවසන් කර තිබුණි.