‘යූරි’ වලින් පස්සේ ආයත් රිකී
මේ වසරේ මේ වනවිට වැඩිම ආදායමක් උපයාගත් දෙවැනි චිත්රපටය බවට පත්ව ඇති ‘යූරි’ චිත්රපටයේ ප්රධාන නළු චරිතයට පණ පෙවූ විකී කෞශාල් නැවතත් ‘යූරි’ චිත්රපටයේ මෙන්ම හමුදා නිළ ඇඳුමින් පෙනී සිටින චිත්රපටයකට සම්බන්ධව සිටියි. ඒ ඉන්දීය යුදහමුදාවේ අමිල සේවයක් ඉටු කළ ‘ෆිල්ඩ් මාෂල් සෑම් මානික්ෂේගේ ජිවීත කතාව අලලා සැකසෙන බොලිවුඩ් චිත්රපටය සඳහාය. මෙහි රූපගත කිරීම් කටයුතු මේ දිනවල ආරම්භව සිටින අතර, එය 2021 වසරේදී ප්රදර්ශනය කිරීමට නියමිතය.