‘යූරි’ චිත්‍රපටය විදේශයේදී කෝටි සියයක් උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-152

මේ වනවිටද ලොවපුරා අති සාර්ථකව තිරගත වෙන ‘යූරි’ චිත්‍රපටය මේ වනවිට සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 340ක් දක්වා වැඩි කරගෙන ඇතැයි වාර්තා වේ. මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් උපයානෙ ඇති අතර, විදේශයන්හිදී ඉන්දීය රුපියල් කෝටි 100කට ආසන්න ආදායමක් උපයාගෙන ඇත.

මෑත කාලයේ ඉන්දියාවෙන් පිටතදී ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීම විස්මයජනක බව සිනමා විචාරකයන් මත පළ කර තිබෙයි. එමෙන්ම ඔවුන් පවසන්නේ ‘යූරි’ චිත්‍රපටය එළැඹෙන වසරේදී සිනමා සම්මාන උළෙලයන් බොහෝමයකදී ඇගයිමටද ලක්විය හැකි චිත්‍රපටයක් බවය.