යූ ටියුබයෙන් වැඩිපුරම නැරඹු තාරකාව කවුද?
‘කොරෝනා’ වසංගතය නිසාවෙන් නිවසටම සිමාවූ ලෝකවාසි බොහෝ දෙනෙකු පසුගිය කාලයේ වැඩිපුර ‘යූටියුබ්’ සමාජජාලා වෙබ් අඩවිය නරඹන්නට උනන්ඳු වී ඇත. ‘යූ ටියුබ්’ වෙබ් අඩවිය මෙම නරඹන්නන් අතර සමික්ෂණයක් සිදු කර ඇති අතර, ඒ පසුගිය මාස කිහිපයේදීඹ වැඩිපුරම නරඹන්නට වූ තාරකාව කවුද යන්නය.
මෙහි ප්රතිපල පසුගියදා නිකුත් කර තිබුණ අතර, එහි මුල් තැන ඇමෙරිකානු පොප් ගායිකා කාර්ඩි බීගේ ලැබි තිබුණි. ඇයගේ ගීත බිලියන 4.8ක පිරිසක් නරඹන්නට වී තිබුණි. එහි දෙවැනි තැන ජනප්රිය බොලිවුඩ් චිත්රපට පසුබිම් ගායිකාවක් වූ නේහා කක්කර්ට ලැබි ඇත. ඇයගේ ගීත බිලියන 4.5ක පිරිසක් නරඹා ඇත. මෙම ලැයිස්තුවේ මුල් දස දෙනා අතර, අරියානා ග්රැන්ඩේ හා සෙලීනා ගෝමස්ද ඇතුලත්ව තිබුණි.