යළිත් ‘වූල්වරින්’ චරිතයට එක් නොවන හියූ ජැක්මන්
‘මාවල්’ චිත්‍රපට අතර අතිශය ජනප්‍රිය සුපිරි චරිතයක් වන ‘වූල්වරින්’ චරිතය යළිත් කිසිම දිනෙක රංගනයෙන් දායක නොවන බව සුපිරි හෙලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන් පසුගියදා මාධ්‍යයට පවසා ඇත. ඔහු පවසන්නේ 2017 වසරේ ප්‍රදර්ශනය වූ ‘ලෝගන්’ චිත්‍රපටය ‘වූල්වරින්’ ලෙස රංගනයෙන් දායක වූ තම අවසන් චිත්‍රපටය බවයි.
එමෙන්ම ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත ‘එක්ස් මෙන්’ චිත්‍රපට සඳහාද තමන් යළිත් ‘වූල්වරින්’ චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවීමට පැමිණිමේ සූදානමක් නොමැති බව ඔහු පවසයි. වසර 20කට අධික කාලයක් තිස්සේ ඔහු ‘එක්ස් මෙන්’ චිත්‍රපට තුළ ‘වූල්වරින්’ චරිතය සඳහා දායකව සිටියහ.