යළිත් වැඩ ඇරඹු සනී ලියොන්
නිතරම සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා රසික, රසිකාවියන් සමග සිය තොරතුරු බෙදාගත් ඉන්දීය සිනමා නිළි සනී ලියොන් මේ වනවිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ රැඳී සිටියි. ඉන්දියාව පුරා ‘කොවිඩ් 19’ වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් සනී මෙසේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිය පැරණි නිවාසයට අයත් ගොවිපොළට ගොස් තිබුණි.
මේ වනවිට සනී සමගින් සිය සැමියා වූ ඩැනියෙල් වෙබර්, හදාගත් දරුවන් වූ නෝවා, අශර් නිවුන් දරුවන් හා එකම දියණිය නිෂාද මෙම ගොවිපොළේ රැඳි සිටියි. සනී මීට දින කිහිපයකට සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා පවසා තිබුණේ තමන් නැවතත් සුපුරුදු කලා කටයුතුවලට එක් වෙමින් සිටින බවය. මීට දින කිහිපයකට පෙර ඇය ගීතයක් රූපගත කරන ආකාරයේ ඡායාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට එකතු කර තිබුණි.