යශ්රාජ් චිත්‍රපට පෙළකට ආක්ෂේ
2020 සිට 2022 වසර දක්වා රූපගත කෙරෙන චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් එක්වීමට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් කැමැත්ත පළකොට ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. මෙම චිත්‍රපට තුනය යශ්රාජ් චිත්‍රපට සමාගම වෙනුවෙන් ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කරන අතර, ආක්ෂේ එක්වර චිත්‍රපට තුනක් සඳහා ගිවිසුම් අත්සන් කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ආක්ෂේ මීට පෙර යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කළ එක් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර, ඒ 2007 වසරේ තිරගත වූ ‘ටශන්’ චිත්‍රපටයයි. එහි ආක්ෂේ සායිෆ් අලී ඛාන් හා කරීනා කපූර් සමගින් රංගනයෙන් දායක විය. ආක්ෂේ කුමාර් මේ දිනවල කරන් ජෝහර්ගේ ‘කේසාරි’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.