යමී ගෞතම් කොණ්ඩේ කපලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-27-ent-27

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ යමී ගෞතම් මේ දිනවල අලුත් බොලිවුඩ් චිත්‍රපටයක් තුළින් සිය රසික පිරිස් හමුව තිබේ. ‘බට්ටි ගුල් මෙටර් චාලෝ’ චිත්‍රපටය තුළිනි. මෙහි ඇය නීතීඥවරියක් ලෙස කටයුතු කරන අතර, ඇය එවැනි චරිතයක් කරන පළමු වතාව මෙය වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මේ දිනවල යමීගේ හිස කෙස් විලාසිතාව වෙනස්ව තිබෙන බව වාර්තා වේ. ඇය සිය දිගු කෙස් කළඹ කොටට කපා ඇති අතර, එය ඇයට සරාගි බවක් එක් කරන බව අන්තර්ජාල පාඨකයන් පවසයි. යමී පවසන්නේ මේ දිනවල තමන් භාරගත් වැඩ කිසිවක් නොමැති හෙයින් මෙසේ නව විලාසිතාවකට සිය කොණ්ඩය කපන්නට තමන් තිරණය කළ බවය.