මෙවරත් ජනප්‍රිය ගායිකා වීමට සිහින මවන - Ariana Grande
‘ළාබාලම ගායිකාව’ යන අන්වර්ථ නාමය මෙතෙක් කලක් හිමිව තිබුණේ සෙලීනා ගෝමස් හටය. නමුත් ඇයටත් අඩු වයසින් ගායිකාවක් ලෙස ක්ෂේත්රයට පැමිණ ඉහළම සම්මාන ලබාගැනීමට සමත් ගායිකාවක් ලෙස ‘‘අරියානා ග්‍රැන්ඩේ’ හැඳින්විය හැක. මේ දිනවල ඇය පිළිබඳව නැවතත් කතාබහට ලක්වීමට හේතු වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2017 MTV Movie ‘TV Awards’ නම් සම්මාන රාත්‍රියයි. ඒ සඳහා ඇයව යෝජනා වී ඇති අතර, සම්මාන සඳහා Vote කිරීමටද අවස්ථාව ලබා දී ඇති බවද සඳහන් වෙයි. මෙවර ඇයත් සමග තරග කරන සෙසු පිරිස වන්නේ නිකී මිනාජ් සහ සෙලීනා ගෝමස්ය. 2017 MTV Movie ‘TV Awards’ හි විශේෂ වෙනස්කම් කිහිපයක් දැකගැනීමට හැකියාව ඇති බව සඳහන් වෙයි.
ජනතා මනාපයෙන් ලබාගන්නා සම්මාන විශාල ප්‍රමාණයක් මෙවර මේ සඳහා එක්කර ඇති අතර, ඒ අතරින් වසරේ ජනප්‍රියතම ගායිකාවට හිමි සම්මානය සඳහා වැඩිම මනාපයෙන් දැනට අරියානා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
අරියානා ළාබාල ගායිකාවක් වුවත් ඇය මේ වන විට ස්ථාවරයක් රඳවාගෙන සිටින ගායිකාවකි. Nickelodeon රූපවාහිනී ආයතනයේ ‘Cat Valentine’ යන වැඩසටහන් මාලාව තුළින් නිවේදිකාවක් ලෙස ඇය රසිකයන් අතරට පැමිණියාය. ඉන්පසු ඇය 2011 වර්ෂයේදී සිය කුළුඳුල් ගීත ඇල්බමය වන ‘Yours Truly’ නම් ඇල්බමය එළිදක්වන ලදී. 2011 වර්ෂයේදී එය U.S. Billboard 200 හිදී හොඳම ඇල්බය ලෙස නම් විය. ඉන්පසු ‘The Way’ නම් ගීත ඇල්බමය Billboard hot 100 තුළ හොඳම ගීත ඇල්බම් 10 අතරට තේරී පත්විය.
ඇයගේ සම්මානයන් පිළිබඳව කතාබහ කිරීමේදී ‘Break Free’ සහ ‘Problem’ යන ගීතයන් සඳහා 2013 American Music Awards හිදී ‘New Artist of the Year’ යන සම්මානයද හිමි විය. ඊට අමතරව 2013 වර්ෂයේ පටිගත කරනු ලැබූ ඇල්බමයක් වන ‘My Everything’ ඇල්බමය 2014 වර්ෂයේ අගෝස්තු මාසයේදී එළිදක්වනු ලැබීය. එම ඇල්බමය ‘40th People's Choice Awards’ හිදී ‘Artist of the Year’ යන සම්මානයෙන් පිදුම් ලද්දේය.
1993 ජුනි 26 උපන් ඇය වෘත්තීය වශයෙන් ක්ෂේත්රයට ප්රවිශ්ට වූයේ 2008 වර්ෂයේදීය. ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව බොහෝදෙනෙක් අවධානය යොමුකරමින් සිටී. විශේෂයෙන්ම ඇයගේ පෙම්වතුන්ගේ තොරතුරු පිළිබඳවයි. ඇයට මේ වන විට පෙම්වතුන් 9 දෙනෙක් සිටි බවට සඳහන් වෙයි. ඒ ග්රැහැම් පිලිප්ස් (2008 – 2010), ජේර්ඩන් විස්කොමි (2011 - 2012), ජෝශ් හටර්චසන් (2012), අවාන් ජෝගී (2012), ජායී බෘක්ස් (2012-2014), ජස්ටින් බීබර් (2013), නැතන් සයිකස් (2013), මැක් මිලර් (2013), බිග් සෝන් (2014-2015) යන අයයි.
ඇය ගායනයට පමණක් නොව රංගනයටද හැකියාව දක්වනු ලැබීම විශේෂත්වයකි. ඇය රංගනයෙන් දායක වූ රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට වන්නේ, සෑම් ඇන්ඩ් කැට් (රූපවාහිනි කතාමාලාව 2013 - 2014), ස්වින්ඩල් (චිත්‍රපට - 2013), වික්ටෝරියස් (රූපවාහිනී කතාමාලාව 2010 - 2013), ස්නොව් ෆ්ලේක් (චිත්‍රපටය - 2011).
ඇය ළාබාල යුවතියක් ලෙස ගායනයෙන් ඉදිරියට පැමිණෙනු ලැබීම බොහෝදෙනෙකුගේ ප්රසංශාවට ලක්ව තිබේ. මේ වන විට ඇය ළාබාලම ගායිකාව නාමයෙන් පමණක් නොව, ළාබාල ධනපතිනියක ලෙසද බොහෝදෙනා හඳුන්වනු ලබයි.
ඩිලාන් ක්‍රිෂාන්ත