මෙදා සැරේ අවුරුදු සැමරුවේ ගමේ
නිරන්තරයෙන්ම කලා ක්ෂේත්රය තුළ කතා බහට ලක්වෙන රංගන ශිල්පිනියක් ලෙස හිමායා බණ්ඩාර හැඳින්විය හැකිය. ඇයගෙන්ද අපි අවුරුදු සමරන ආකාරය පිළිබඳව විමසුවා.
‘කොවිඩ්’ වසංගතයත් එක්ක අවුරුදු සමරනවා කියන්නේ හරි අමාරු වැඩක්. කොහොම හරි අපි පරිස්සමින් මෙදා පාර අවුරුදු සමරන්න ඕනා. මම මෙදා සැරේ අවුරුදු සමරන්න ගමේ ආවා. අම්මා ඇතුළු පවුලේ අනිත් අයත් එක්ක අවුරුදු සමරනවා. අවුරුදු අසිරිය තියෙන්නේ කොහොමත් ඉතින් ගමේ තමයි.