මුරුනාල් බොලිවුඩයටම සීමා වෙයිද?
දකුණු ඉන්දීය චිත්රපට හරහා සිනමා ක්ෂේත්රයට අවතිර්ණ වූ මුරුනාල් ඨාකුර් මේ වනවිට බොලිවුඩ් චිත්රපට රැසකට පෙනී සිටිමට ආරාධනා ලැබ තිබේ. රිතික් රෝෂන්ගේ ‘සුපර් 30’ හා ජෝන් ඒබ්රිහිම්ගේ ‘පට්යාලා හවුස්’ චිත්රපට හරහා ඉමහත් ජනප්රියත්වයක් දිනාගත් ඇය මේ දිනවල ෂාහිඩ් කපූර්ගේ ‘ජර්සි’ චිත්රපටයේද පෙනී සිටියි.
මෙම චිත්රපටවලට අමතරව තවත් චිත්රපට කිහිපයකටම සම්බන්ධ වී සිටින ඇයට මිට දින කිහිපයකට පෙර ජනප්රිය දකුණු ඉන්දීය චිත්රපටයක් වූ ‘තඩම්’හි හින්දි අනු නිර්මාණය සඳහා එක්වීමටද අවස්ථාව ලැබි ඇත. මුරුනාල් පවසන්නේ තමා දැන් බොලිවුඩයට පමණක් අවධානය යොමු කර සිටින බවය.