මුරලිගේ ජීවිත කතාවෙන් ඉවත්වන්නට විජේට බලපෑම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-226

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘800’ චිත්‍රපටයෙන් ඉවත් වීමට දෙමළ හිතවාදී සංවිධාන කිහිපයක් දකුණු ඉන්දීය සිනමා නළුනිළියන්ගෙන් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි දෙමල ගුවන් විදුලි නාලිකාවක් සමග එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී විජේ සේතුපති පවසා ඇත්තේ තමා මුරලිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයෙන් ඉවත් නොවන බවය.

එම චිත්‍රපටයේ තිර රචනාවට තමා අතිශය කැමති අතර, මුරලිදරන් වැනි විශිෂ්ඨතමයෙකුගේ ජීවිත කතාව අලලා සැකසෙන නිර්මාණයකට තමාට සම්බන්ධ වීමට ලැබීමද භාග්‍යයක් බව ඔහු වැඩිදුරටත් මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිටත් ආරම්භ වී නොමැති බවද තොරතුරු වාර්තා වේ.