ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහිවූ සුපිරි දඟපන්දු යවන්නා ලෙස අදටද සැළකෙන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලීදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන්නට සූදානම් කළ ‘800’ දකුණු ඉන්දීය චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට අතරමඟ නවතා දමා ඇතැයි වාර්තා වෙයි.
එයට හේතුව වී ඇත්තේ එම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන විජේ සේතුපතිට තමිල්නාඩු එල්.ටි.ටි.ඊ හිතවාදින් ඔහු එම චිත්‍රපටයෙන් ඉවත් වෙන ලෙස නියෝග කිරිමත් සමගය. සේතුපති මෙම චිත්‍රපටයෙන් ඉවත් නොවුණහොත් ඔහුගේ දියණිය දුෂණය කරන බවටද මෙම හිතවාදින් පවසා ඇත. මුරලීදරන්ද මේ වනවිට විජේට මෙම චිත්‍රපටයෙන් ඉවත්වන ලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබේ.