මුම්බායිවලින් හයිද්ර්බාද්වලට මාරුවුණ ජෝන්..
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්රිහිම් විසින් නිෂ්පාදනය කරන ‘මුම්බායි සාගා’ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු ඉදිරි දිනවලදී නැවතත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වාර්තා වන අන්දමට මෙම චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු මුම්බායි නගරයේ සිදු කිරීම අත්හැර එය හයිද්ර්බාද් නගරයේ සිදු කිරීමට සූදානම් කර ඇති බවට වාර්තා වේ.
චිත්රපටය අධ්යක්ෂණය කරන සංජේ ගුප්තා පවසන්නේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් මුම්බායි නගරය වසා දමා තිබෙන නිසාවෙන් ‘මුම්බායි සගා’ චිත්රපටයේ ඉදිරි රූපගත කිරිම් කටයුතු හයිද්ර්බාද්හි සිදු කරන්නට කටයුතු කළ බවය.