මුම්බායි නගරයට හොර රහසේ ආපු 'ප්රියංකා'
බොලිවුඩයේ පමණක් නොව වර්තමානයේ හොලිවුඩයේ ජනප්රිය ප්රියංකා චොප්රා පසුගියදා යළි ඉන්දියාවට පැමිණි බව සඳහන් වේ. ඒ සල්මාන් ඛාන් සමග රංගනයෙන් දායක වන අලි අබ්බාස්ගේ ‘භාරත්’ චිත්රපටයේ රඟපෑම සඳහාය. ප්රියංකා මේ සඳහා තනිවම නොපැමිණි බවත් ඇයගේ වර්තමාන පෙම්වතා වන ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස්ද පැමිණි බවත් සඳහන් වේ.
මොවුන් දෙදෙනා මුම්බායි ගුවන් තොටුපොළොන් කාටත් හොර රහසේ පිටත පැමිණ කුලී රථයෙකින් සිය මුම්බායි නිවස කරා යන්නට ගොස් ඇති අතර, ප්රියංකාගේ රුව අඳුනාගත් පැපරාසි ඡායාරූපකරුවන් කිහිප දෙනෙකු ඇය හා නීක් මෙසේ හොර රහසේ යන අයුරු ඡායාරූපගත කොට අනුතර්ජාල වෙබ් අඩවි සඳහා ලබාදී ඇත.