මුනාල්ට, කරන්ගේ කෙටි චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-1045

චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරන් ජෝහර්ගේ කෙටි චිත්‍රපටයකට එක්වීමට ‘සුපර් 30’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට එක්වූ මුනාල් ඨාකුර්ට අවස්ථාව ලැබි තිබේ. ‘ගෝස්ට් ස්ටෝරි’ ලෙස නම් කර ඇති මෙම කෙටි චිත්‍රපටය කතාංග තුනකින් සමන්විතව තිබේ. මෙහි කරන්ගේ කතාංගයට මුනාල් හා නවක නළු අවිනාශ් තිවාරි රංගනයෙන් එක්වන අතර, සෝයා අක්තාර් විසින් නිර්මාණය කරන කතාංගයේ ජාන්වි කපූර් හා විජේ වර්මා දායක වෙයි. අනුරාග් කාශ්‍යප් විසින් නිර්මාණය කරන කතාංගයට නවක නළුනිළි යුවළක් වූ සෝබිතා ඩුලිපාලා හා පවාලි ගුලාටි රංගනයෙන් එක් වේ. මෙම කෙටි චිත්‍රපටය ලබන වසරේදී නිකුත් කිරීමට නියමිතය.